Local

කුල්ල හැමදාම මුල්ලේද ?

Monday, 08 January 2024 - 10:26 am

දේශීය ජන සමාජයේ දිගු ඉතිහාසයක් ඇති කුලු කර්මාන්තයට මූලික පහසුකම්වත් නොමැති බැවින් එය පිරිහෙමින් පවතින අතර, මේ නිසා පෙරදී පැවති කුලු කර්මාන්ත ගම්මාන අහෝසි වී යාමේ තත්ත්වයක් පැන නැඟී ඇති බැවින් මෙම පැරැණි දේශීය කර්මාන්තය නඟා සිටුවීමට පියවර ගත යුතු යැයි මාතලේ දිස්ත්‍රික්කයේ කුලු කාර්මිකයෝ පවසති.

අතීතයේ කුලු කර්මාන්තය විශාල වශයෙන් දිස්ත්‍රික්කයේ පාරම්පරික ගම්මාන රැසක පැවති නමුත් සමාජීය ප්‍රශ්න මත මෙම කර්මාන්තයෙන් ක්‍රමයෙන් තරුණ පරපුර ඉවත් වීමත් සමඟම කර්මාන්තය කඩා වැටෙන්නට විය.

මෙම තත්ත්වය නිසා මෙම කර්මාන්තය දැනට දිස්ත්‍රික්කයේ පවුල් දෙක තුනකට පමණක් සීමා වී ඇත. තවද මේ වනවිට තහඩුවෙන් නිම කරන ලද කුලු ආනයනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය මත වෙළෙඳුන් පියවර ගෙන ඇති බැවින් දේශීය කුලු වෙනුවට ආනයනික කුලු අඩු මිලට ගැනීමට පාරිභෝගිකයන්ට හැකි වීමෙන් ඔවුන් ඒ වෙත ඇදී යාම වැළැක්විය නොහැකිය.

මෙම තත්ත්වය නිසා දේශීය කුලු කර්මාන්තය නඟා සිටු වීමට නම් කුලු ආනයනය කිරීම නතර කළ යුතු බව මොවුහු පෙන්වා දෙති.

මාතලේ දිස්ත්‍රික් සමූහ

ඒ. ඒ. එල්. ඩයස්

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT