Local

විදුලිය අඩු කරන්න යෝජනා කර ඇත්තේ 4%-10% ප‍්‍රතිශතයකින්..

Monday, 28 October 2024 - 11:45 am

විදුලි බිල අඩු කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ලංවිම ලාභයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් සහ වගකීමක් ඔවුන් සතුයි..!

ඔක්තෝබර් 25 වෙනිදා වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය රුපියල් කෝටි 16,000 කි. පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 7.5 කි. එනම්, ආර්ථික පීඩා හමුවේ අසරණ ව සිටින සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු.21,000 කට වැඩි අමතර මුදලක් අය කර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කොට තිබේ.

මේ අතර, දෙසැම්බර් මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වී තිබේ. මහජන උපයෝගීතා කොමිසම ද, මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර ඇති අතර, 4% ත් – 11% ත් අතර මුදලකින් විදුලි බිල අඩු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා කොට තිබෙන බව සඳහන් වේ.

කෙසේවෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය මෙසේ අධික ලාභ ලබමින්, එක් පාරිභෝගිකයෙකුගෙන් රු. 21,000 කට වැඩි අමතර මුදලක් ලාභය ලෙස ලබා ගනිද්දී, ඔවුන් යෝජනා කොට තිබෙන විදුලි බිල අඩුවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

අධික ආර්ථික පීඩනයක මිරිකී සිටින ජනතාව වෙත ඔවුන් ලැබූ ලාභයට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් මෙන් ම වගකීමක් ද ලංකා විදුලිබල මණ්ඩලය සතු බව අපි අවධාරණය කරමු.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT