Business

සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි

Saturday, 03 August 2024 - 4:50 pm

ජූලි 06 වැනිදාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව සමුපකාර දින සැමරුම් පා ගමන්, මහජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ ජන රැලි ඇතුළු විවිධ වැඩසටහන්වලින් සමන්විත වූ අතර එහිදී දිවංගත සමුපකාරිකයන් සිහිපත් කිරීම හා ඔවුන් වෙත පිං පැමිණවීමද සිදු කෙරිණි.

‘සමුපකාරය හරහා සැමට යහපත් අනාගතයක් ගොඩනඟමු’ යන තේමාව මුල් කර ගනිමින් ගාල්ල, මාතර, කුලියාපිටිය, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශ මූලික කර ගනිමින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන්වලදී ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමේ අරමුණට අමතරව සමුපකාරයෙන් සිදු වන සේවා පිළිබඳව මහජනතාව දැනුම්වත් කරමින් රටේ සංවර්ධනයට සමුපකාර සංකල්පය ප්‍රශස්ත අයුරින් භාවිත කිරීම සඳහා ජනතාව දිරිගන්වන ලදි.

මාර්ගගත ක්‍රමයට සණස සාමාජිකයන් අමතමින් ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. “මෙවර ජාත්‍යන්තර සමුපකාර දිනය ‘සමුපකාරයෙන් ජනයාගේ අනාගතය යහපත් ආකාරයට ගොඩනඟමු’ යන තේමාවට අනුව සැමරීම ඉතා කාලෝචිතයි. ඉන්දියාව, චීනය සහ ජපානය වැනි දියුණු රටවල් තම රටෙහි සංවර්ධනය වෙනුවෙන් සමුපකාරය සාර්ථකව උපයෝගී කරගෙන තිබෙනවා. දේශපාලන බලපෑම්වලින් තොර සමුපකාරයක් අප රට තුළ ස්ථාපිත කීරීමට එවැනි රටවල් කදිම උදාහරණයක්.”

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT