Local

පනත් කෙටුම්පත් දෙකක් සලකා බැලීමට නම් කෙරුණු කාරක සභා සාමාජික මන්ත්‍රීවරු

Wednesday, 21 August 2024 - 8:20 pm

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර ඇති බව කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කර ඇති බව සඳහන්.

සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, ජානක වක්කුඹුර, චාමර සම්පත් දසනායක, චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න සහ ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන මන්ත්‍රීවරුන් ඒ සඳහා පත් කර තිබෙනවා.

එමෙන්ම “පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරුන් ලෙස වශයෙන් කථානායකවරයා විසින් නම් කර ඇති බව සඳහන්.

ඒ අනුව පවිත්‍රාදේවි වන්නිආරච්චි, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන් සහ ඉරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ සඳහා නම් කර තිබෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT