Local

අධිවේගයේ බෙලිඅත්ත පිවිසුම අසල බස් රථයක් ගිණි ගනී

Monday, 15 January 2024 - 9:53 pm

බදුල්ලේ සිට කොළඹ බලා අධිවේගයේ මාර්ගයේ ගමන් කළ බස් රථයක් අද (15) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත  පිවිසුම ආසන්නයේදී ගිනිගෙන තිබේ.

සවස දෙකයි තිහට පමණ මෙම ගිනි ගැනීම සිදු වී තිබේ .

ගින්නෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත.

බස් රථයේ ඉදිරිපසින් දුමක් ඇතිවීමත් සමග රියදුරු බස් රථය නවත්වා ඇති අතර ඉන් පසුව බස් රථයෙන් මගින් බැස තිබේ.

ඊට ටික  වෙලාවකින් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ සූරියවැව   පොලිස් විශේෂ කාර්ය බළකායේ  නිවන රථ පැමිණ ගින්න මැඩපවත්වා තිබේ.

බස් රථය ගිනි ගැනීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම හා බෙලිඅත්ත  පිවිසුම අතර කොළඹ දෙසට ඇති මාර්ගය පැයකට ආසන්න කාලයක් වසා දමා තිබුණි .

ගිනිගත් බස් රථයේ පැමිණි පිරිස් වෙනත් බස් රථ දෙකක් ගෙන්වා කොළඹ දක්වා රැගෙන යන්නට පොලිසිය පියවර ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත  පිවිසුමේ රථ වාහන  පොලිසිය පරීක්ෂණ පවත්වයි


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT