Local

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය

Wednesday, 16 October 2024 - 11:35 am

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳ ශිෂ්‍යත්ව පිපිරිණැමීම, ඇතුලු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ කියුබාව මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, කියුබාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කළ අග්‍රාමාත්‍යවරිය කියුබානු අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ද සිදු කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT