Local

ගණේමුල්ල සංජීවගේ නීතිඥවරියක් නාකොටික් නිලධාරියට අල්ලස් දෙන්න තැත් කළාද?

Saturday, 20 January 2024 - 8:52 pm

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා.

එහිදී ගණේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය බවට සදහන් කරන කාන්තාවක් නිළධාරින් සිටින ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට නාකොටික් නිළධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිද්ධියට සම්බන්ධ නිතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර නීතිඥවරියගේ උත්සාහය ව්‍යර්ථ වු පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමට ඇය උත්සාහ කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දැනටමත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදුකරන බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT