Local

යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට

Monday, 27 November 2023 - 9:09 pm

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද නමුත් යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ අනුව 1985 වසර හෝ ඊට පෙර සිටම භුක්ති විඳින ලද ඉඩම් වන සංරක්ෂණයට අයත් කැළෑ හෝ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ ලෙස මේ වන විට ගැසට් කර තිබුනද ඉදිරියේදී අදාළ ප්‍රදේශවල සිටි පිරිසට එය පවරාදීමට නියමිත බවද අමාත්‍යතුමිය පැවසුවාය.
අමාත්‍යතුමිය මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති නමුත් කාලයක සිට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම් ඔවුන්ට පවරාදීම සම්බන්ධයෙන් නොවැම්බර් 23දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී අමාත්‍යතුමිය පැවසුවේ බලංගොඩ රජවක රක්ෂිතය ඇතුලු ප්‍රදේශවල හා රත්නපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල කාලයක් තිස්සේ එම ජනතාව භුක්තිවිදින ලද ඉඩම් පවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කර ඇති බවත්, නැවත මිනුම් අභ්‍යාසයකින් අනතුරුව ඒවායේ සීමා මායිම් ලකුණු කර අදාළ භුක්ති විඳින ලබන ප්‍රදේශ එම ජනතාවට නැවත පවරා දෙන බවත්ය.
ඉන් අනතුරුව කිසිවකුට අල්ලාගත නොහැකි වන පරිදි නිවැරදි ලෙස සළකුණු කරන ලද රක්ෂිත මායිම් ගැසට් කරන බවත්, ඒවා ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, වන වියන ආරක්ෂාකරගනිමින් 32%ක් දක්වා මෙරට වන ගහණය වැඩි කිරීමට තමන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යතුමිය පැවසුවාය.
මෙම සාකච්ඡාව තුළදී වන සංරක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුක්තව එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන්ද අවශ්‍ය වුවහොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඇතුළු සහභාගීත්වයෙන් ඒකාබද්ධව සංගණන හා ඉඩම් පරිහරණ රටාව හඳුනාගැනීමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ඉදිරි දිනවලදී සිදුකිරීමට සැළසුම් කෙරිනි.
එමෙන්ම ඔවුන් විසින් ලබාදෙන දත්ත අනුව නිවැරදි සීමා මායිම් සහිතව සිතියම් ගතකිරීමටද එහිදී සාකච්ඡා කෙරිනි.

එමෙන්ම ඔවුන් විසින් ලබාදෙන දත්ත අනුව නිවැරදි සීමා මායිම් සහිතව සිතියම් ගතකිරීමටද එහිදී සාකච්ඡා කෙරිනි.
මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පිරිසට ඉඩම් පවරාදීම සම්බන්ධයෙන් අුවධානය යොමුව ඇති අතර එහි මුල්ම අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.
එම සීමා සළකුණු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යතුමිය පැවසුවේ ඉතාම ප්‍රවේසම් සහගතව එය සිදුකරන ලෙසත් සංවේදී කලාපවලට කිසිදු හානියක් සිදු නොවන ලෙස අදාළ සිතියම්ගතකිරීම සිදු කරන ලෙසත්ය.
මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, වන සංරක්ෂක ජනරාල් කේ.එච්.ඒ.බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් එම කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුද, රත්නපුර දිසා වන නිලධාරී ඇතුළු රත්නපුර ප්‍රදේශයේ අඩවි වන නිලධාරීන්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්‍ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යතුමිය මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති නමුත් කාලයක සිට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම් ඔවුන්ට පවරාදීම සම්බන්ධයෙන් නොවැම්බර් 23දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවේ ඇතැම් දේශපාලන නියෝජිතයන් හා දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් තලාපෙලා දමන නමුත් තමන් අවංකව රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන්ට ගරු කරන බවත්, එවන් රාජ්‍ය නිලධාරීන් තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයට වැඩි වැඩියෙන් එවන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙහිදී අමාත්‍යතුමිය තමන් ජනතා නියෝජිතයෙන් වශයෙන් රත්නපුර දිස්ත්‍රික් ජනතාවට ණයකරුවකු යැයි තමන් සිතන බවත්, එම ණය ගෙවීම තමන්ගේ යුතුකමක් ලෙස කල්පනා කර තම සේවය උපරිමයෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමට හැකි අවංක උත්සාහය හැමවිටම දරන බවත් පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලු දිවයිනේ සියලු ප්‍රදේශවල වන වැස්ම 32%ක් දක්වා වැඩි කිරීම වෙනුවෙන් ආර්ථීක භෝග ඇතුලු වනාන්තර වගාකිරීමට ජනතාවට සියලු උපකාර කරන බවත්, වනාන්තර ආරක්ෂා කරගත හැක්කේ ඒ අවට ප්‍රදේශවල ජනතාවට වනාන්තරයත් සමඟම සිය ආර්ථික තත්වය නඟාසිටුවීමට ක්‍රියාකළහොත් පමණක් බවත් පැවසුවාය.

මෙම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, වන සංරක්ෂක ජනරාල් කේ.එච්.ඒ.බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් එම කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුද, රත්නපුර දිසා වන නිලධාරී ඇතුළු රත්නපුර ප්‍රදේශයේ අඩවි වන නිලධාරීන්, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා..

wedivistara

අයි.එම්.එෆ්. එරෙහි වැඩපිළිවෙළක් ඇත්තේ කුඩය ලකුණෙන් එන අපට විතරයි – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

wedivistara

අත්‍යවශ්‍ය ඖෂධ 40ක් රෝහල්වල හිඟයි

wedivistara

මාලිමාවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ – සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් – මැලේ අපි ඔක්කොම එකතුවෙලා ලස්සන රටක් හදමු – ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

wedivistara

කාන්තා ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

wedivistara

ගත්තු හැම ණය මුදලකටම වග කියන්න නාමල් සූදානමින්

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්


NEWS ALERT