පැවති ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ට සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය දී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සදහන් කර ඇත.
සිය පක්ෂ කාර්යාලයේදී පාක්ෂිකයන් සහ හිතවතුන් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
තමනට සහාය දීමට පැමිණි පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සමග ජනතාව පැමිණ නැතැයිද චෝදනා කර ඇති හෙතෙම පොහොට්ටුවේ වැඩි පිරිසක් අනුර දිසානායක මහතාට ඡන්දය ලබා දී ඇති බවත් පෙන්වා දී ඇත.
පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සූදානම් විය යුතු බවත් එම මැතිවරණයට සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවත් ඒ මහතා තව දුරටත් සදහන් කර තිබේ.