Local

බදු නැති ඩීසල් රුපියල් සීයට අනිද්දා මිල සංශෝධනයෙන් ලැබේවි.. එය කල හැකියි..

Sunday, 29 September 2024 - 9:34 am

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට අනුමත කර මුදල් වෙන්කර තිබූ යෝජනා කිහිපයක් ව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ගොවින් සඳහා වන පොහොර සහනාධාරය විසිපන්දහස තෙක් ඉහළ දැමීම, ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරය, ඉන්දියානු රජයේ ආධාර මත සූර්ය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුර දිසානායක මහතා තීන්දු කිරීම ගැන සතුටු වන බවත් පවසන ඔහු ඒ සියල්ල පසුගිය රජය විසින් අනුමත කර මුදල් වෙන් කර තිබූ ඒවා බවත් සිහිපත් කරයි.

මෙම ව්‍යාපෘති සියල්ලම මුදල් අනුමත කර තිබියදී පසුගිය මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමෙන් අත්තිටුවන ලද ව්‍යාපෘති බවද හෙතෙම පෙන්වා දෙයි.

හොඳ වැඩපිළිවෙල්වල් සඳහා තම සහාය නිරන්තරයෙන්ම ලබාදෙන බවත් පැවසූ ඔහු එවන් වැඩපිළිවෙල් ඉදිරියටත් සිදු කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියි.

එමෙන්ම පසුගිය මැතිවරණ වේදිකාවේ කියූ පරිදි ඉන්ධන ලීටරයක් මත පනවා ඇති රුපියල් 150ක පමණ වන බදු ඉවත් කර ඩීසල් ලීටරයක් රුපියල් සීයට ලබාදිය හැකි බවට කල ප්‍රකාශයන් දැන් ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසුවේය.

සියලු බදු ඉවත් කළහොත් රුපියල් සීයකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව තමන්ද පිළිගන්නා බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT