පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය.
මේ යටතේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය ඇතුළු සුළං හා සූර්ය බල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිතයි.
මෙගාවොට් 05 සිට 100 දක්වා විදුලිය උත්පානය කිරීමට මෙම ව්‍යාපෘතිවලින් අපේක්ෂිතයි.
මෙම ව්‍යාපෘතිවලට ගිවිසුම්ගත වීමේදී රටට අවාසිදායක කොන්දේසි කිහිපයක් යටතේ එකඟතාවයන්ට එළඹ ඇති බව පැවසීය.
ඇතැම් ව්‍යාපෘති සඳහා ඉඩම් තෝරා ගැනීමේදී එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවීමෙන් ඊට වඩා ඵලදායී ලෙස ඒවා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව නිරීක්ෂණය වී තිබේ.
අදාළ කමිටුව හරහා එම ව්‍යාපෘතිවලින් විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක් වෙනු වෙන් වැය කරන මුදල මෙන්ම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප්‍රයෝජන පිළිබඳව ද සලකා බැලීමට නියමිතයි.
මසක් තුළ එම කමිටුවේ වාර්තාව ලබා දෙන ලෙස එහි සාමාජිකයින්ට උපදෙස් දී ඇති බව ලේකම්වරයා පැවසීය.
එම වාර්තාව ලැබීමෙන් පසු එම සියලු ව්‍යාපෘති රටට වඩාත් ඵලදායී හා වාසිසහගත වන ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.