Sports

සීසීසී ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ඉන්දීය සංචාරයක

Saturday, 13 April 2024 - 10:52 am

සීසීසී ක්‍රිකට් පුහුණු පාසලේ කණ්ඩායම් දෙකක් තරග සංචාරයක් සඳහා පසුගියදා (10) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ප්‍රවීණ පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා යටතේ ඇති සීසීසී පාසලේ 25 වැනි ක්‍රිකට් සංචාරය මෙය වීම විශේෂත්වකි. මේ යටතේ 12න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය අතර, දින 8ක සංචාරයක් වන මෙහිදී ඔවුන් බැංගලෝරයේ පුහුණු ඇකඩමි සහ සමාජ ශාලාවලට එරෙහිව තරග 08ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

15න් පහළ කණ්ඩායමේ නායකත්වය නාලන්ද විදුහලේ පළපුරුදු පිතිකරුවකු වන ඕමිත් රත්නායක දරන අතර, උපනායකයා ලෙස වමත් දඟ පන්දු යවන නාලන්ද විදුහලේම නාදෙව් දොඩම්ගොඩ කටයුතු කරයි.

නාලන්දා විදුහලේ කනිෂ්ඨ ක්‍රීඩක නදිල් දොඩම්ගොඩ අවුරුදු 12න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, සාන්ත බෙන්ඩික් විදුහල් ක්‍රීඩක රෂිඳු ජයසිංහ උපනායකයායි.

මේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නෙල්සන් මෙන්ඩිස් මහතා කටයුතු කරන අතර, හර්ෂ පීරිස් (කළමනාකරු), ශිවලිංගම් රවිචන්ද්‍ර (සහකාර කළමනාකාර) සහ තුසර හිටිගේ (පුහුණුකරු) සංචාරයට එක් වෙයි.

15න් පහළ කණ්ඩායම – ඔමිත් රත්නායක (නායක), නදෙව් දොඩම්ගොඩ (උපනායක), භාෂිත හේරත්, මොකිත කංකානම්ගේ, සිතුක අල්විස්, ඇන්ඩ්‍රේ විජේරත්න, සුහාස් සමරසේකර, තේනුක රත්නායක, ෂෙනාල් කුරුවිට, සජන පෙරේරා, ගෝවින්ද චන්ද්‍රතිලක, නවිඳු කුමාර, ලංකානාත් අල්ගම, ෂෙනාල් කංකානිගේ සහ ජොනතන් කනකරාජ්.

12න් පහළ කණ්ඩායම – නදිල් දොඩම්ගොඩ (නායක), රෂිඳු ජයසිංහ (උප නායක), ලිඳුල කපුරුබණ්ඩාර, දිමුත් වික්‍රමසිංහ, රෙහාන් කොල්ලුගේ, බෝමිය උඩගේ, ලෙවිඳු වික්‍රමආරච්චි, පාමොක් විජේනායක, සංගීත් සිංහපුර, තෙවිඳු චන්ද්‍රතිලක, යෙන්සිත් පෙරේරා, සඳරු පෙරේරා, ඩිල්ෂාන් තිඹිරිපොළ, පෙමිත රත්නායක.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT