Local

මුලින්ම IMF ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ - හර්ෂ

Friday, 28 June 2024 - 11:28 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

එවැනි දෙයක් සමගි ජන බලවේගය කියා ඇත්නම් ඒ බව සනාථ කර පෙන්වන්නැයි ද හෙතෙම කීවේය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යවශ්‍ය බව රජයට මුල සිටම සමගි ජන බලවේගය පෙන්වා දුන් බව ද ඒ මහතා මෙහිදී කීවේය.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යවශ්‍ය බව මුල සිටම කිව්වේ සමගි ජන බලවේගයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළ කාලසීමාවේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළා නම් රට බංකොලොත් වෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති වෙන්නේ නෑ යැයි ද කීවේය.

 

රක්ෂණ ශ්‍රියන්ත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT