Local

රනිල් ජනපති වීම රටේ වාසනාවක්

Friday, 02 February 2024 - 8:02 am

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වීම රටේ වාසනාව විය හැකි බවත් කවදාවත් දේශපාලනඥයකු නොකරන විශාල වෙනස්කම් ඔහු සිදු කර තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. මීට අවුරුදු 20කට පෙර මේ වෙනස්කම් සිදු කළේ නම් අද අප මේ වගේ තත්ත්වයකට පත් නොවන බව ද හෙතෙම අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැති ජයගමු ශ්‍රී ලංකා දීපව්‍යාප්ත ජනතා ජංගම සේවයේ සමාරම්භක උළෙලට එක් වෙමින් පෙරේදා (31) කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව අපි වැඩ කළා 2015 වෙනකල්. 2015න් පස්සේ තමයි අප එකතු වුණේ. හැබැයි 2015 වෙනකල් එතුමාට අප බෑ කියලා කිව්වා. එතුමාට හැමෝම කියනවා නිකන් ජනාධිපති වුණා කියලා. ඒක වාසනාව වෙන්න ඇති. සමහර විට රටේ වාසනාවත් වෙන්න ඇති. හැබැයි එතුමා කවදාවත් දේශපාලනඥයකු නොකරන විශාල වෙනස්කම් කරලා තියෙනවා. මේ වෙනස්කම් ටික මීට අවුරුදු 20කට කලින් කළා නම්, නීති රීති වෙනස් කරන එකේ ඉඳන් මේ හැම දේම මීට අවුරුදු 20කට කලින් අපි කළා නම් අද වගේ තත්ත්වයකට අප පත් වෙන්නේ නෑ. හැබැයි කාටවත් මේක තේරුණේ නෑ. මේ පරිවර්ථනය මේ වෙලාවේ හරි කළේ නැත්නම් අපේ දරුවන්ගේ අනාගතය ඉදිරියේදීවත් සුබවාදී කර ගන්න බැරි වෙනවා. සමහර වෙලාවට ගන්න තීරණ රජයේ නිලධාරීන්, ජනතාව සතුටු නොවන තීන්දු වෙන්න පුළුවන්. හැබැයි මේවා කොහෙන් හරි පටන් ගන්න ඕනෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට අපි ස්තූතිවන්ත වෙනවා. අපි හැමෝම විරුද්ධ වුණත්, සමහර විරෝධයන් නොතකා කටයුතු කිරීම පිළිබඳව. වෙනස් විය යුතු තැන් වෙනස් කළ යුතු වෙනවා. යැයිද කීවේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT