Local

සිව්වන සමාලෝචනය සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලැබේ යැයි අපේක්ෂා කරනවා - IMF

Friday, 23 May 2025 - 9:49 am

පසුගිය අප්‍රේල් 25 වන දින එකඟතාවයට පැමිණි IMF හි සිව්වන සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් ලබා ගත හැකි බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසනවා.

එම සමාලෝචනය සම්පූර්ණ කිරීම විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවත්, ඉදිරි සතිවලදී විධායක මණ්ඩල රැස්වීම සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි සතිපතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇය පවසා සිටියේ.

අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බවත්, පළමුවැන්න පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම වන අතර, ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග වන්නේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම, පිරිවැය අයකර ගැනීමේ මිලකරණය සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම බවත් ඇය පැවසුවා.

දෙවැන්න වන්නේ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම බවත්, එය බහුපාර්ශ්වික හවුල්කරුවන්, ශ්‍රී ලංකාවට කැපවූ මූල්‍ය දායකත්වයන් තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි පැවසෙන්නේ.

මේ සඳහා ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

wedivistara

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

ජාත්‍යන්තර කම්කරු සමුළුවට ඇමැති මහින්ද ජිනීවා යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT