මුතූර් පොලිස් වසමේ මුතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති අතර එහිදී පාසලට යාබද නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එම සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීමෙන් සිසුන් 22 ක්, සිසුවියන් 8 දෙනෙක් මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.