Local

නොමිලයේ පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න බදුල්ලේදී...

Thursday, 14 March 2024 - 5:59 pm
Breaking News

'ජනමාධ්‍ය දැලි පිහියෙන් සමාජය කිරි කෑම' ජනමාධ්‍ය ලෝකයක ජීවත් වන අප මාධ්‍ය කුණාටු වලට හසු නොවී කාල තරණයට හරි පාර කියන නොමිලයේ පැවැත්වෙන ජාතික මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිග හැරුම බදුල්ලේදී පැවැත්වේ.

2024.03.16 සෙනසුරාදා පෙරවරු 08.00 සිට පස්වරු 02.00 දක්වා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ වෘත්තිකයින්ගේ සම්පත් දායකත්වයෙන්, ලංකා මීඩියා හවුස් ආයතනයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වේ.

මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දැනුමැති ප්‍රායෝගික පුහුණුව සහිත විශිෂ්ට ජනමාධ්‍යවේදින් බිහි කිරීම අරමුණු කර ගනිමින් Lanka Media House ආයතනයේ මූලිකත්වයෙන් නොමිලේ වෘත්තීය පුහුණු ප්‍රායෝගික ජනමාධ්‍ය සම්මන්ත්‍රණ විස්සක් දිවයිනේ දිස්ත්‍රික්ක විස්සක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැක.
කොළඹ ,ගම්පහ,කළුතර,ගාල්ල,මාතර,
හම්බන්තොට,කුරුණෑගල,පුත්තලම, මහනුවර,නුවරඑළිය, මාතලේ,අනුරාධපුර,
පොළොන්නරුව,රත්නපුර, කෑගල්ල,බදුල්ල, මොණරාගල,ත්‍රිකුණාමලය, අම්පාර,වවුනියාව යන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වේ.
දැන්වීම්කරණය, අලෙවිකරණය, ප්‍රචාරණය, ඉසව් කළමනාකරණය , රූපවාහිනී ,ගුවන්විදුලි, පුවත්පත්,සිනමා මාධ්‍යයන්, තිර පිටපත් රචනය, වීඩියෝකරණය, ඡායාරූපකරණය, නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය ,වෙබ් මාධ්‍යය, නවකතා, කෙටිකතා ,කවි රසවින්දනය, මාධ්‍ය නියාමනය,ආචාර ධර්ම හා මානුෂීය මාධ්‍ය වාර්තාකරණය, ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය , තොරතුරු දැන ගැනීමේ අයිතිය, සාම්ප්‍රදායික මාධ්‍ය(ජනශ්‍රැති) යන විෂයන් අධ්‍යයනය සඳහා මූලික අවබෝධයක් මෙහිදී ලබාදේ.
ඒ ඒ විෂයන්හි ප්‍රවීණ වෘත්තිය වේදීන්ගේ අධීක්ෂණය හා සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
සියත ප්‍රවෘත්ති උපදේශක හා අධ්‍යක්ෂක ලාල් හේමන්ත මාවලගේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත, බාහිර කථිකාචාර්ය නාට්‍යවේදී පිටපත් රචක මොහාන් ජී රංගනාථ, නිර්මාණ අධ්‍යක්ෂ ගීත රචක රංගවේදී වසන්ත දුක්ගන්නාරාල, ශ්‍රී ජය වර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය පුලස්ති ගුණවර්ධන , තිර රචක අධ්‍යක්ෂක බාහිර කථිකාචාර්ය රසික සුරවීර ආරච්චි, සාහිත්‍යවේදී ලේඛක පරිවර්තක ගත් කතුවර චූලානන්ද සමරනායක, ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ සහකාර අධ්‍යක්ෂ බාහිර කථිකාචාර්ය හසල ප්‍රේම කුමාර, පෞද්ගලික විශ්ව විද්‍යාල බාහිර කතිකාචාර්ය ජනමාධ්‍යවේදී සාරංග පතිරණ, ඩිජිටල් අලෙවි කරන උපදේශක බාහිර කථිකාචාර්ය පුලස්ති වන්නියාරච්චි, freeeye.lk ප්‍රධානී සාක් කලාපීය ජනමාධ්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂක අමිල බාලසූරිය, නිර්මාණ අධ්‍යක්ෂක, ඉරිදා ඇපල් පුවත්පතේ හිටපු කතෘ රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සංජක ප්‍රසාද් දොලේවත්ත, නිර්මාණ අධ්‍යක්ෂක බාහිර කථිකාචාර්ය කැලුම් කුමාර මොහොට්ටි , නාට්‍ය අධ්‍යක්ෂ පිටපත් රචක ජනමාධ්‍යවේදී අසංක සායක්කාර, ප්‍රවීණ නිවේදිකා හඩ කැවීම් ශිල්පී රසාදරී මුණසිංහ, රූපවාහිනී ප්‍රවෘත්ති කළමනාකරු ජනමාධ්‍යවේදී ටෙරාන් කරන්නාගොඩ, නිර්මාණ අධ්‍යක්ෂක ජනමාධ්‍යවේදී පුෂ්පකුමාර සමරවික්‍රම , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂක ජනමාධ්‍යවේදී ඉන්දික ජයරත්න, නිර්මාණ අධ්‍යක්ෂ හඩකැවීම් ශිල්පී ගාමින්ද ප්‍රියවිරාජ්, නිර්මාණ අධ්‍යක්ෂ හඩකැවීම් ශිල්පී සුනෙත් චිත්‍රානන්ද, නාට්‍ය අධ්‍යක්ෂ පිටපත් රචක ජනමාධ්‍යවේදී චාලක රණසූරිය, Digital මාධ්‍යවේදී මිහිඳු පොන්සේකා, ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ වැඩසටහන් නිෂ්පාදක බාහිර කථිකාචාර්ය මේනක සංජීව, මාධ්‍ය පාඨමාලා දේශක නාමලී මාකලන්දාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් ටී.ඩී.කේ. ජයන්ත, නිර්මාණ අධ්‍යක්ෂ විචාරක විකුම් ජිතේන්ද්‍ර, කවි ගීත රචක නිර්මාණ අධ්‍යක්ෂ සෞම්‍ය සඳරුවන් ලියනගේ , ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු නලින්දා පෙරේරා , ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් ආචාර්ය නිරෝෂන් තඹවිට, AP මාධ්‍ය ආයතනයේ ඡායාරූප ශිල්පී එරංග ජයවර්ධන, රට වටා මාධ්‍යවේදියෝ සංවිධානයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී ජූඩ් සමන්ත , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනමාධ්‍යවේදීනි ප්‍රියන්තනී ගමගේ , ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉන්දික මාරසිංහ , මාධ්‍යවේදී රාහුල් සමන්ත , නියෝ ග්‍රැපික්ස් ආයතනයේ සභාපති TPG අමරජීව , ආචාර්ය දර්ශන අශෝක කුමාර , ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂක බාහිර කතිකාචාර්ය දර්ශන පියරත්න , ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජනමාධ්‍යවේදී විශ්ව විද්‍යාල බාහිර කතිකාචාර්ය ප්‍රියන්ත වෙදමුල්ල , ලක්කඩ ගුවන් විදුලියේ මාධ්‍යවේදී චන්දන කුමාර , සුප්‍රීම් ක්ලෝබල් හෝල්ඩන් සමූහයේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා මෙහෙයුම් අධ්‍යක්ෂ කංචන කොඩිතුවක්කු , පරිසරවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ , ශ්‍රී එෆ් එම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී භාෂීනි සමරසිංහ , විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය ලේඛක ජනමාධ්‍යවේදී කපිල එම් ගමගේ , නෙත් FM බැලුම්ගල නිෂ්පාදක සුරේස් විජය රංගන , ලේඛක සාහිත්‍යවේදී තමීර මංජු , මාධ්‍යවේදිනී නෙතුනි බටදූ ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ වෘත්තියවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් මාලාව පැවැත්වෙන බවත්, ඒ සඳහා සහභාගී වී යහපත් ජනමාධ්‍ය කලාවක් හා භාවිතාවක් උදෙසා යොමුවන ලෙසත් ජනමාධ්‍ය අධ්‍යයනයට ලැදි වෘත්තීයට පිවිසීමට බලාපොරොත්තු වන සැමට මේ සඳහා එක්වන ලෙස Lanka Media House පාඨමාලා අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි ඉල්ලා සිටි.
මෙම දිස්ත්‍රික්ක 20 හි මෙම සම්මන්ත්‍රණ මාලා සංවිධානය කිරීම හෝ දායකත්වය ලබා දීම සඳහා කැමති අයවලුන් හෝ ආයතන සඳහා පහත දුරකථන අංකයට 0766657276 අමතා එක්වන ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටි.


Top Stories
wedivistara

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

wedivistara

නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

wedivistara

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

wedivistara

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකියි – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි

wedivistara

කෘෂිකර්මාන්තය නවීකරණය කිරිම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

wedivistara

ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

Trending
wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති


NEWS ALERT