Local

රට බංකොළොත් කළ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටනක්

Friday, 24 November 2023 - 9:53 am

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය ආරම්භ කර තිබෙනවා.

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන, වරප්‍රසාද ලබා නොදෙන ලෙසත්, රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220 ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම මහජන අත්සන් ලබා ගැනීම සිදුකරන බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අත්සන් ලබාගැනීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කර තිබුණා.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රටේ ආර්ථික පිරිහීමට වගකිවයුතු බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුනා.

news images news images news images


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT