Local

කවුරු බලපෑම් කළත් යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නෑ

Friday, 23 February 2024 - 10:44 am

මොන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කර ඇති කිසිම මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. එසේම 2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මෙසේ ද පැවැසීය.

“මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් කරනවා. මොන බලපෑම් පැමිණියත් අපි කරන මේ මෙහෙයුම් නැවැත්වීමට කිසිම සූදානමක් නැහැ. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපට විවිධ චෝදනා එල්ල වෙනවා.

මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සාහ කරනවා. මත්ද්‍රව්‍ය ජාලවලින්, මුදල් ලැබෙන පිරිස් විසින් පුද්ගල කණ්ඩායම් සඳහා මුදල් වියදම් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වෙනවා. පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක්. ඒ වෙනුවෙන් කළ වැටලීම් සංඛ්‍යාව 58,562ක්. මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58, 234ක්.

ඒ වගේම ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පවතින පෝලිම් අවම කිරීමට E Passport සේවාව හඳුන්වාදීමට අප සූදානම්. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය නිසා නැවත වතාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් වැඩි වී තිබෙනවා. ඒ ගැටලුව නිරාකරණය කිරීමට අප කොරියා රජය සමඟ සාකච්ඡා කර විභාගය සමත්වන අයට පමණක් දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නව හැඳුනුම්පත ලබාදීමට සියලු කටයුතු සූදනම් බව පැවැසිය යුතුයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (Dangerous Drugs Control Board) හරහා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට පාසල් සහ පොලිසිය ඒකාබද්ධව වැඩසටහන් කීපයක් මේ වන විටත් සිදු කෙරෙනවා.

ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයට අපගේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප සියලු දෙනාම සහාය දෙනවා. මේ රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිට හැකියාව ලැබුණා. ඒ තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අය වෙනත් ජනාධිපතිවරයෙක් ගැන සිතිය යුතු නැති බව අපගේ අදහසයි.”

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා –

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්වල ප්‍රමාදයක් ගැන මාධ්‍යවේදියකු‍ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ උසස්වීම් සම්බන්ධව අසතුටට පත් නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ආදිය හේතුවෙන් ඇතැම් උසස්වීම්වල ගැටලු පැන නැගී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ජාතික පොලිස් කොමිසම, මහජන “ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය එක්ව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ද සාකච්ඡා වට කීපයක් කර තිබෙනවා. මේ හරහා කඩිනමින් එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන බව කිව යුතුයි.

පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ට අදාළ උසස්වීම් රැසක් පසුගිය කාලයේ ලබාදීමට කටයුතු කළා. ඒ ආකාරයටම ඉදිරියේදී ද අදාළ උසස්වීම් නියමිත ලෙස ලබාදීමටත් අප කටයුතු කරනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT