Local

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන්

Monday, 22 January 2024 - 10:11 pm

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා

අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත් පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවයි

එමෙන්ම, ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටින බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

ඒ අනුව මෙරට ජනගහනයෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අමතරව, දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වා ඇති අතර අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුන්වා දිය හැකි බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT