Local

හඳුනා නොගත් ක්ෂය රෝගියෝ හාර-පන්දා­හක්

Saturday, 16 March 2024 - 8:13 am

මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු­නා­ගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්ති­ලතා පැව­සු­වාය. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­ව­ලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමා­ජය තුළ සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඇය මේ බව (13) පැව­සු­වාය. “ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකී” යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමා­වයි. මේ මස 24 වැනි­දාට ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇත.

ක්ෂය රෝගීන් දෙදෙ­නෙකු එක් දින­කදී මර­ණ­යට පත් වන බවත් කලින් හඳු­නා­ගෙන නිසි ප්‍රති­කාර ගැනී­මෙන් රෝගය නිට්ටා­ව­ටම සුව­පත් කර ගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

සති දෙක­කට වඩා පව­තින කැස්ස, සව­සට මඳ උණ පැව­තීම, බර අඩු වීම, කෑම අරු­චිය, රාත්‍රි­යට අධික ලෙස දහ­ඩිය දැමීම, අධික තෙහෙ­ටි­ටුව, හුස්ම ගැනීමේ අප­හ­සුව, සෙම සමඟ රුධි­රය පිට වීම යනා­දිය පෙණ­හ­ලු­ගත ක්ෂය රෝගයේ ලක්ෂ­ණය.

ක්ෂය රෝගය සඳහා පරී­ක්ෂ­ණ­යන් මෙරට සියලු දිස්ත්‍රික් ළය සාය­න­ය­න්ගෙන් සහ රජයේ සෞඛ්‍ය ආය­ත­න­ය­න්ගෙන් නොමිලේ සිදු කරවා ගත හැකි බව ද ඇය පැව­සීය. මෙරට වැඩි වශ­යෙන්ම ක්ෂය රෝගීන් වාර්තා වනුයේ බස්නා­හිර පළා­තෙන් වන අතර කෙළඔ දිස්ත්‍රි­ක්කයේ කොළඹ මහා නගර සභා සීමා­වෙන් වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් වාර්තා වේ.

 
 
 
 


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT