Local

ලංකාවේ ඩිමෙන්ශියා රෝගී පුද්ගලයින් ලක්‍ෂ 04ක්

Tuesday, 27 August 2024 - 9:04 pm

ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

එසේම මේවන විට ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් ලක්‍ෂ 04ක් ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු කර ඇතැයි ලංකා ඇල්සයිමර් පදනමේ ලේකම් ලක්මාලි කබ්රාල් මහත්මිය පැවසීය.

ඇය මේ බව කියා සිටියේ ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සංවිධාන කෙරෙන වැඩසටහන් පිළිබඳ කොළඹ අද(27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය නිමිති කර ගනිමින්, ජාත්‍යන්තර ඇල්සයිමර් සංවිධානයේ (Alzheimer’s Disease Inte ational – ADI) සාමාජිකයකු වන ලංකා ඇල්සයිමර් පදනම (Lanka Alzheimer’s Foundation – LAF) විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම සඳහා වැඩසටහන් ගණනාවක්ම සංවිධාන කර ඇත.

මතක ශක්තිය නැතිවීම සහ අවබෝධය මත කරනු ලබන ක්‍රියාකාරකම් (සංජානනීය) හීනවී යාම ආදී විශේෂිත ඩිමෙන්ශියා රෝගයක් වන ඇල්සයිමර් රෝගය පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මාසයක් පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ආරම්භක අවස්ථාව සැප්තැම්බර් මස 01 වැනිදා නෙළුම් කුළුණ රක්ත වර්ණයෙන් එළිදැක්වීමෙන් සනිටුහන් වේ.

ඩිමෙන්ශියාව පමා කිරීම හෝ වැළැක්වීම සඳහා ඉතාමත් වැදගත් වන කායික හා මානසික ව්‍යායාම ප්‍රවර්ධනය කරමින්, ලංකා ඇල්සයිමර් පදනම ‘මතකය සඳහා ධාවන තරගය’ (Run to Remember) යන තේමාව යටතේ කිලෝමීටර 5 ක ධාවන තරගයක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රය අසලින් සැප්තැම්බර් මස 07 වැනිදා සවස 4.30 ට ආරම්භ කරයි. මීට අමතරව ‘මතක පාගමන 2024’ (Memory Walk 2024) යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන පාගමන සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව. 7.30 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් ආරම්භවේ. ඒ සඳහා වන දිනුම් ඇදීමක් සහිත ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 300 කි.

ලංකා ඇල්සයිමර් පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉතා වටිනා සේවාවන් ස්වේච්ඡා සේවකයන්ගෙන් සහ පරිත්‍යාගශීලී දායකයන්ගේ සහයෝගය ඇතිව බලගැන්වේ. එම සේවාවන් අතරට දැනුවත් කිරීම, අවදානම අඩු කිරීම පිළිබඳව අධ්‍යාපනය ලබාදීම, මතක ශක්තිය පරීක්ෂා කිරීම සහ තක්සේරු කිරීම, ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම, රැකබලා ගනු ලබන කණ්ඩායම්වලට සහාය වීම, උපස්ථායක සේවාවක් ක්‍රියාත්මක කිරීම, හඳුනාගැනීමේ අත් පළඳනා ලබාදීම සහ උපදේශන සේවා ඇතුළත් වේ. මෙහි අරමුණ වන්නේ ඩිමෙන්ශියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ ජීවිතයේ ගුණාත්මක බාවය උසස් මට්ටමකින් පවත්වාගෙන යාමත් සහ රැකබලාගන්නා අය හට සහය වීමයි.

මෙම වසරේදී ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians Sri Lanka – CCPSL) විසින් මෙම ප්‍රධාන බෝ නොවන රෝගය (NCD) ගැන දැනසිටීමේ වැදගත්කම පිළිබඳව හඳුනා ගනිමින්, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමගින් සම්බන්ධ වී ඇත. බොහෝ විට නොසැලකිලිමත්කම හේතුවෙන් සහ අඩු තක්සේරු මට්ටමකින් හඳුනාගෙන ඇති ඩිමෙන්ශියාව, සියලුම වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යට ද බරක් වනු ඇත.

ඩිමෙන්ශියාව සහ ඇල්සයිමර් රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දැන් කාලය එලැඹී ඇත. මේ පිළිබඳව දැනුවත්වීම තුළින් ඩිමෙන්ශියාවේ අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගැනීමට, පූර්ව රෝග විනිශ්චය සහතික කිරීමට සහ පශ්චාත් රෝග විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය සහාය ලබා දීමට අප හට සාමූහිකව ක්‍රියා කළ හැකිය. ඇල්සයිමර් රෝගය වයසට යාම හේතුවෙන් ඇතිවන සාමාන්‍ය දෙයක් නොවේ. ඒ සඳහා වර්තමානයේ ප්‍රතිකාර නොමැති වූවද, එහි ඇති අවදානම අඩු කිරීමට සහ එහි වර්ධනය මන්දගාමී කිරීමට ක්‍රියාමාර්ග බොහෝමයක් ඇත. ඩිමෙන්ශියාවෙන් පීඩාවට පත් වූවන් හට අර්ථවත් බලපෑමක් ඇති කරමින්, ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමගින් සම්බන්ධ විය හැකිය.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා https://alzlanka.org හි LAF වෙබ් අඩවිය ඔස්සේ සහ 011-2667080/82 අංකය හරහා ලබා ගත හැකිය.


Top Stories
wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

wedivistara

සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන එක මේ වැඩ වර්ජනයට අදාළ නෑ - GMOA

wedivistara

හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 875 ක් අත්අඩංගුවට

wedivistara

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05 ක් යොදවයි

wedivistara

මම ඔබේ හතුරෙක් නෙවෙයි, මිතුරෙක් - දිලිත්

wedivistara

අපේ ප්‍රතිපත්තිය පාසල් 10,000ට කෝටිපතියෝ 10,000ක් හොයන එක නෙවෙයි - කෞෂල්‍යා ආරියරත්න

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර


NEWS ALERT