Local

ආයෙ කිසිම ඡන්දෙකට මං නෑ - මෛත්‍රී

Monday, 23 September 2024 - 5:23 pm

තමන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් තමන් දේශපාලන කටයුතුවලින් විශ්‍රාම නොයන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
නව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට විශාල අභියෝග රැසක් පවතින බවද මෛත්‍රී පෙන්වා දුන් අතර ජනතාවට සහනයක් සැලසීමට ඔහුට අවස්තාව ලැබීම ගැන සතුටු වන බව කීය.

ඉදිරි කාලය තුළ මැතිවරණ තුනක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා රුපියල් කෝටි හාරදහසක් පමණ වැය කළ යුතු බවත් කියන මෛත්‍රිපාල මේ මැතිවරණ නිසාම ජනතාවට සහන ලබාදිය නොහැකි බවද පැවසීය.
මෙවර මැතිවරණයේදී කවුරුන් ජනාධිපති ධූරයට පත්වුවත් තමන් සහය පළ කරන ස්ථාවරයක සිටි බවද තමා 'දේශපාලනයෙන් විශ්‍රාම ගොස් නැති නමුත් ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට තීරණය කර නැහැ,' ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුර කුමාර දිසානායක පූර්ව ජනපතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ තමා බලයට පත්වූ පසු හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාමික දීමනා , වරප්‍රසාද සියල්ල කපාහරින බවකි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT