Local

දුම්රිය e-ටිකට්පත් වංචා කිරීමේ සිදුවීම වැළැක්වීමට තාක්ෂණික පියවර කිහිපයක් ගැන අවධානය යොමුව තිබෙනවා - දුම්රිය සාමාන්‍යාධිකාරී

Wednesday, 22 January 2025 - 8:45 pm

දුම්රිය e-ටිකට්පත් වංචා කිරීමේ සිදුවීම වැළැක්වීම සඳහා මේ වන විට තාක්ෂණික පියවර කිහිපයක් සඳහා අවධානය යොමුව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

ඒ අනුව ඉදිරියේදී අදාළ තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සේවා සපයන ආයතන සමඟ සාකච්ඡා කර ඇති බවයි ‘එසැණ’ වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

එසේම පවතින ඉල්ලුම සඳහා පෙබරවාරි 01 වනදා සිට නුවර සිට ඇල්ලට Ella Odyssey නමින් නව දුම්රියක් සති අන්තයේදී ධාවනයට එක් කරන බවද ඔහු සඳහන් කළා.

සංචාරකයින් පැමිණෙන කාලය ඉලක්ක කර ගනිමින් නානුඔය හා ඇල්ල අතර දිනපතා ධාවනය වන දුම්රියක්ද ධාවනයට එක් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT