Local

පැය 24ක් ඇතුළත ගාසා තීරයේ පලස්තීනුවෝ 95ක් මරුට

Thursday, 05 June 2025 - 10:20 am

ගතවූ පැය 24 ක කාලයේ ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදාව සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 95 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එම ආහාර මධ්‍යස්ථාන කරා ප්‍රවේශ වීම තහනම් කිරීමට ඊශ්‍රායල හමුදාව පියවර ගෙන ඇති අතර, ආහාර මධ්‍යස්ථාන කරා යෑමෙන් වළකින ලෙස පලස්තීනුවන්ට අනතුරු අඟවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට ලක්වී ඇති ඊශ්‍රායල ආහාර බෙදාහැරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමේ අරමුණින් එම ආහාර මධ්‍යස්ථාන වසා දැමූ බවට ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ගාසා තීරයට අඛණ්ඩව සහනාධාර බෙදාහැරීමට අවස්ථාව සැලසීම සහ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම අරමුණු කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතව ඇති අතර, අමෙරිකාව සිය නිෂේධ බලය භාවිත කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුවී ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

ඊයේ වනවිට ගාසා තීරයේ ගර්භිණී මවුවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තාවන් පනස්දහසක් පමණ දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT