පසුගිය සතිය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීෂ් මහතා පැවසීය.
ප්‍රචන්ඩකාරි සිදුවීම් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් එහිදී නිරීක්ෂණය වී තිබේ.
එහිදී වැඩි වශයෙන් තර්ජනය කිරීම්,ආධාර කරුවන්ට පහරදීම්,පක්ෂ කාර්‍යාලවලට හානි කිරීම් වැනි සිදුවීම් වාර්තා වී තිබේ.
මෙම තත්වය ඉදිරි දින කිහිපයේ වර්ධනය වුවහොත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා විය හැකිය.
සමාජ මාධ්‍ය හරහා තවදුරටත් අපේක්ෂකයන් අගතියට පත්වන විවිධ ප්‍රචාර තවදුරටත් හුවමාරු වෙමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.