Local

රට ගොඩනැගීමට දායකවීමට සූදානම් බව සජිත් කියයි

Wednesday, 02 October 2024 - 12:54 pm

වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ රට මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා සමගි ජන බලවේයට ද කාර්යක් ඇති බවය.

මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

'එක එක පැතිවලට ඡන්දය දුන්න බොහෝ අය දැන් අනාථ වෙලා හමාරයි. අද වත්මන් රජයට තියෙන එකම විකල්පය සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය පමණයි. මේ රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට, ප්‍රශ්නවලට, අභියෝගවලට උත්තර සපයන කණ්ඩායම බවට අපි පත්වෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මේ රට ගොඩගන්න වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙලක්, වගකීමක් අපිට පැවරෙනවා. දැන් දැන් අපිට අහන්න ලැබෙනවා දළ දේශීය ආදායමෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කිරීම අසීරුයි කියලා. අපිත් මේ රටේ අධ්‍යාපනයට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාගැනීමේ වැඩපිළිවෙලකට මුලපුරන්නට ඕනේ. මේක තමා නව දේශපාලන සංස්කෘතිය. හැමදාම විවේචනවලට පමණක් සීමාවෙච්ච ගමනකට අපිට මුලපුරන්නට බැහැ. දැන් බොහෝ දේවල් අපිට ඇහෙනවා ක්‍රියාත්මක කරනවා කිව්ව බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්න බැරි තැනක ඉන්නේ. එතැනදි අපි කරන්නට ඕනේ ඒ අඩුපාඩුකම් පෙන්න පෙන්න සිටීම පමණක් නොව, අපේ දායකත්වය අපි ලබාදෙන්න ඕනේ රට ගොඩගන්න.'


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT