ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඒ මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේ දී තමන්ව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කෘතගුණ පූර්වකව සිහිපත් කරන නාමල් රාජපක්ෂ මහතා තමන්ට දේශපාලන ඇරඹුම දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව සමඟ ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බව සඳහන් කරයි.
එළැඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතාවන් මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණය කර නොමැත.
එවැනි පසුබිමක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත්වනු ඇතැයි ප්‍රචාරය කිරීම හුදෙක් දේශපාලන වාසිය තකා කළ ජනතාව නොමග යැවීමක් බවත් හෙතෙම පෙන්වා දෙයි.