Sports

ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ලෝක ශූරතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැනට

Monday, 23 September 2024 - 5:08 pm

අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ.

ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමත් සමඟය.

අද (23) දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුවුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස් පටෙල්  ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියේය.

තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය ආරම්භ වූ අතර  දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය  ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළේය.

අද දිනයේදී තරගය ක්‍රියාත්මක වුණේ විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයකි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 305ක් රැස්කළ අතර දෙවන ඉනිමට ලකුණු 309ක් රැස්කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරීය නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු 68 ට කඩුලු 5ක් දවාගත් අතර ඔහු සමස්ත තරගයේදී කඩුුලු 9ක් දවාගත්තේය.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 83ට නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු තුනක් දවාගත් අතර ඔහු දවාගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 6කි.

ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තේය.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සප්තැම්බර් 26 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT