Local

ආණ්ඩුව තමන්ගේ බලය තහවුරු කරගන්න රාජ්‍ය නිලධාරීන් භාවිතා කරනවා - නාමල්

Thursday, 19 June 2025 - 10:28 am

ආණ්ඩුව විසින් තමන්ගේ උපරිම බලය භාවිතා කර, රාජ්‍ය නිලධාරීන් භාවිතා කරමින්, මර්දනය දියත් කරමින්, තමන්ගේ බලය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එසේම අනෙක් අතට, තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් මර්දනය ද සිදු කරන බවයි අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව සිදුකරන දේවල් අසාර්ථක වන විට එයට විරුද්ධව කතා කරන මන්ත්‍රීවරුන්ට පහරදීමට උත්සාහ කරන බවද, ඒ අනුව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියකට ජාතික ජන බලවේග‍යේ පක්ෂයේම පුද්ගලයෙක් පහර දී ඇති බවද ඔහු පවසනවා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ කාන්තා හිංසනයට එරෙහිව, කාන්තාවන්ට නිසි තැන ලබාදෙන බවට පවසමින් බවත්, මෙම පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, ආණ්ඩුව කියන ‘කයිවාරු’ ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව බලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT