සිරි දළදා වන්දනාවේ රාජකාරීවල නිරත වී සිටින නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් මහනුවර නගරයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
අදාළ රාජකාරීවල නිරත පිරිසගේ තැපැල් ඡන්ද පත්‍රිකා මහනුවර මැතිවරණ කාර්යාලයට යොමුකර ඇති බවත්, කාර්යාල වේලාව තුළදී වෙන් කර ඇති දිනවල එම නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.