Local

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සඳහා නාය යෑමේ නිවේදන…

Sunday, 17 November 2024 - 9:55 am

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සඳහා නාය යෑමේ නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ගම්පහ ,කෑගල්ල ,කුරුනෑගල,මාතලේ සහ මාතර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදන ක්‍රියාත්මක වෙයි.
පළමු සහ දෙවන අදියරේ නිවේදන එම දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබේ.

එම නිවේදනය (17) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව පැවසීය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට,යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන අදියරේ ” අවධානයෙන්” සිටීමේ නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මාතලේ දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල,පස්ගොඩ හා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ “විමසිලිමත් ” බවින් සිටීමේ නිවේදනය නිකුත් කර ඇතිබව පැවසීය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පස් කන්ඩි කඩා වැටීමෙ විශාල අවදානමක් පවතියි.

ඒ හේතුවෙන් විශේෂයෙන් මාර්ග දෙපස කන්ඩි ආශ්‍රිතව වෙළදාම් කරන පුද්ගලයන් අවධානයෙන් සිටීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT