Local

ටිල්වින් රනිල් හිරේ යවන්න කතාකරද්දිම මයික් එකට හෙණ ගහයි

Tuesday, 14 November 2023 - 2:17 pm

ජාතික ජන බලවේගයේ හතරලියද්ද ප්‍රදේශයේදී පැවැති මහජන හමුවක් අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සභාව අමතමින් මෙරට වත්මන් ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි කරමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිරේ යායුතු යැයි පවසනවාත් සමඟම ප්‍රදේශයම බිය ගන්වමින් ඇතිවූ දැවැන්ත අකුණක් ගැසීම නිසා වේදිකාවේ මයික්‍රෆෝන පිලිස්සීමක් සිදු විය. හතරලියද්ද නගර මධ්‍යයේදී පෙරේදා (11දා) ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. එහිදී ප්‍රධාන දේශනය කරමින් ටිල්වින් සිල්වා මෙරට වත්මන් ව්‍යවස්ථාව විග්‍රහ කරමින් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කිසිසේත් කල් දැමිය නොහැකි බවත් ජනාධිපති තනතුර දරන කාලය තුළදී ජනාධිපතිවරයාට යම් අනතුරක් සිදු වුවහොත් ජනාධිපති තනතුර අගමැතිවරයාට හිමි වන බවත් පැවැසීය.
ඉන් අනතුරුව ඔහු පවසා සිටියේ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අයුරින් අකාලයේ මිය නොයන ලෙස ප්‍රාර්ථනා කරන බවත් ඔහු පරාජය විය යුතු බවත් පරාජය වනතෙක් ජීවත් විය යුතු බවත් ඒ වගේම හිරේ යා යුතු බවත් ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා පවසනවාත් සමඟම සවස 5.05ට පමණ ප්‍රදේශයම භීතියට පත් කරවමින් විශාල අකුණක් පුපුරා ගිය අතර ඒ සමඟම වේදිකාවේ මයික්‍රෆෝන සියල්ලම අක්‍රිය වී ඇනහිටීය. වේදිකාවේ මයික්‍රෆෝන නැවත යථා තත්ත්වයට පත් කරනතුරු විනාඩි 10ක පමණ කාලයක් ටිල්වින් සිල්වාට බලා සිටීමටද සිදු විය.
මහනුවර – හේරත් ඒකනායක



Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT