Local

ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත්

Saturday, 06 January 2024 - 2:40 pm

ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය.

උතුරු පළාතේ පවතින ආගමික එකමුතුව ආරක්ෂා කිරීමට සියලු දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් ද කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ආගමික සහජීවනය වෙනුවෙන් රජය ගත යුතු පියවර පිළිබඳ එහි සියලු ආගමික නායකයන් සමග සාකච්ඡා කර තමා වෙත දන්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරියට උපදෙස් දුන්නේය.

උතුරු පළාතේ සියලු ජන කොටස්වල ආගමික අයිතීන් සුරක්ෂිත කරමින් එම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ උදාකර දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ආගමික නායකයන්, නිරන්තරයෙන් උතුරට පැමිණෙමින් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට කටයුතු කිරීම පිළිබඳවද කෘතවේදීවත්වය පළ කළේය.

එසේම රටේ ආගමික සහජීවනය සුරක්ෂිත කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළටද ආගමික නායකයන් සිය ආශිර්වාදය පළ කළහ.

යාපනයේ අන්තර් ආගමික කමිටුව විසින් යෝජනා මාලාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන්නේය.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා කිසිදු ආගමකට අසාධාරණයක් නොවන ආකාරයට සර්ව ආගමික දෙපාර්තමේන්තුව යටතේ වැඩ කටයුතු සිදු කරන බව ද සඳහන් කළේය.

යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිවිමල නායක හිමිපාණන් වහන්සේ ද, පී.ජේ. ජෙබරද්නම් පියතුමා , ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා, ආර් . ඒ .රලීම් මවුලවීතුමා ඇතුළු සර්ව ආගමික නායකයින් ද, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT