Local

දේශබන්දු තෙන්නකෝන් ලබන 19 වැනිදා විමර්ශන කමිටුවට

Wednesday, 14 May 2025 - 8:23 am

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විමර්ශන කමිටුව හමුවේ ලබන 19 වැනිදාට පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් දැනුම් දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා කමිටුව හමුවට කැඳවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.

මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන්පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කිරීම සිදුවිය.

2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්යපටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු 3 (ඈ) සහ 3 (ඉ) වගන්තිප්‍රකාරව සහ එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව ලබන 19 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම පරීක්ෂණ කමිටුව හමුවට කැඳවා කරුණු විමසීමට කමිටුව තීරණය කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT