Local

ආන්දෝලාත්මක ප්‍රකාශය ගැන සරෝජා පෝල්රාජ් ඇමතිවරියගෙන් සිංහල පරිවර්තනයක්

Saturday, 10 May 2025 - 8:45 am

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් කොටහේන දැරිය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී දෙමළ බසින් සිදුකළ ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයක් නිකුත් කර තිබෙනවා.

ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර ඇති සම්පූර්ණ සිංහල පරිවර්තනය පහතින්. 

'මා මේ අවස්ථාව පැහැදිලි කිරීමක් කල යුතු යැයි සිතනවා. පහුගිය 29 වෙනිදා අදාළ ශිෂ්‍යාවගේ මරණයෙන් පසුව අපි පසුගිය දින කිහිපයේ විමර්ශන කටයුතු සඳහා සියළු තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරන පැහැදිලි කිරීම. 

මෙම සිදුවීම සිදුව තිබුනේ 2024 දෙසැම්බරයේ. ඒ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව විමසා බැලීමේදී අදාළ ශිෂ්‍යාව මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ඇති බවත්, අදාළ අතවරය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයෙකුගේ සහතිකයක් නිකුත් කර ඇති බවත්, මෙම සිදුවීමේ පසු විපරම සම්බන්ධයෙන් පාසලේදී සිසුවියගේ අධ්‍යාපන මට්ටම හා කුසලතා සම්බන්ධයෙනුත්, පාසලේ දී ඇය ඇසුරු කළ යහළුවන් හිතවතුන් සම්බන්ධයෙනුත් සියළු තොරතුරු ඇතුලත් කර මේ වන විටත් ලිපි ගොනුවක් සකස් කර තියෙනවා.

පසුගිය 5 වන දින අදාල සිසුවියගේ දෙමාපියන්ගෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලු‍වද දැනට දින 4ක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසිදු නීතිමය කටයුතු වලට ඉදිරිපත් වී නෑ.

ඒ වගේම අද (08) මෙම උද්ඝෝෂණ අවස්ථාවේදීත් උද්ඝෝෂකයන් පෙත්සමක් භාර දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැමිණීමට නියමිත බව පැවසූ විටත් පෙත්සම භාරදීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමුවිය යුතු බවත් මා පැවසුවද දෙමාපියන් අද (08) දිනයෙත් මා හමුවීමට පැමිණියේ නෑ. හෙට හෝ අනිද්දා ඒ සම්බන්ධයෙන් මා හමුවන බව ඔවුන් පවසා සිටියා.

සමාජ මාධ්‍ය වලින් පමණක් යුක්තිය ඉල්ලීම සිදුකල නොහැක. යුක්තිය ලබාගන්න නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිනිය යුතු වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ට විය යුතු බව අපිත් විස්වාස කරනවා. මෙවැනි ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නිසි ආකාරයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයත් සමාජය තුළ පවතිනවා, ඒ වගේම සමාජ මාධ්‍ය කණ්ඩායම් හෝ සමාජ සංවිධාන නීතියට අතට ගෙන අවනත නොවී ක්‍රියා කිරීමෙන් නීතිය හා සාමය රැකෙන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ස්ථිර විසදුම ලෙස නීතිය ක්‍රියාත්මක කරන අදාල ආයතන වලට යොමුවන ලෙස ඉල්ලා සිටිනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT