Local

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Sunday, 01 September 2024 - 12:22 pm

සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල් පාලන මිලට විකිණිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව හැටන් ප්‍රදේශයේ සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් පවසති.

වෙලදපොලේ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 220 ක් සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 230 ක් වශයෙන් අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය මගින් මිල පාලනයක් කර තිබියදි සහල් මෝල් හිමියන් විසින් (30) දින සිට නාඩු සහල් කිලෝවක තොග මිල රු 230 දක්වාත්, සම්බා සහල් කිලෝවක තොග මිල රු 240 දක්වාත් රු 10 කින් ඉහල දැමිම හමුවේ තමන්ට රජයේ පාලන මිලට නාඩු සහ සම්බා සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලිම් සිදු කර අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා විට අධිකරණය මගින් එම වෙලෙදුන්ට රු ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදල් ගෙවිමට නියම කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

සහල් මොල් හිමියන් සහල් තොග නිකුත් කිරිමේදි අදාල බිල්පතේ සහල් කිලෝවක මිල පාලන මිලට අඩුවෙන් බිල්පතේ සටහන් කර වැඩි කල මුදල වෙනත් ආකාරයෙන් තමන්ගෙන් අය කරගන්නා බවයි හැටන් ප්‍රදේශයේ සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත නාඩු සහ සම්බා සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි නිසා තමන් සහල් වෙලදාමෙන් ඉවත් වන බවත්, එම නිසා වෙලදපොලේ සහල් හිගයක් ඇති විමට ඉඩ ඇති බවයි වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT