Local

ගම්පහ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් රනිල්ගේ ඒකාබද්ධ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව හදයි

Sunday, 11 August 2024 - 10:57 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි ඒකාබද්ධ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු පත් කෙරේ.

ඊයේ(10) සහ අද (11) මෙම කමිටු පත් කිරීම සිදු කෙරුනේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම කමිටු පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂවල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් වෙති.

ගෙන් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම, අදාළ ආසන මට්ටමින් සංවිධානය කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටු වලට පැවරේ.

ජනාධිපතිවරයාට සහාය පළ කරන ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයින්ගෙන් සමන්විත ගම්පහ දිස්ත්‍රික් ජනාධිපතිවරණ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව පත්කිරීම සිදුකෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දායි (08). ඒ ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටුවේ නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගිය වන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක රුවන් විජේවර්ධන ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකයෝ සහභාගි වූහ .

කාලයක් දේශපාලනිකව විරසක වී සිටි මේ පිරිස එකම අරමුණක් වෙනුවෙන් එක්ව සිටීම සුවිශේෂී සිද්ධියක් විය. ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියට අදාළව පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පත් කර ගැනුණු පළමු ඒකාබද්ධ කමිටුවද මෙයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රධානීන් බොහෝ දෙනෙකු එකට එකතු වී තිබෙන බවත්, දැන් පක්ෂයේ දෙවැනි පෙළද ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වෙමින් සිටින බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේය.

ඇමතිවරයා අවධාරණය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රාජපක්ෂ කෑල්ල ගැලවී ඇති නිසා ඉදිරි දින කිහිපය තුළ තවත් පිරිස් ජනාධිපතිවරයාට සහය පළකරනු ඇති බවය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“කාලයක් නයි මුගටි දේශපාලනය කරපු අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක්. ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්ද වනු ඇති මේක අලුත් දේශපාලන සංස්කෘතියක් කිසිම දේශපාලන පක්ෂයක ලාංඡනයක් අපි ගන්නේ නැහැ. අපි යන්නේ එක්ව ජයගමු කියලා තේමා පාඨය ඔස්සෙයි. නමුත් අපි අතර අර්බුධ ඇති කරන්න යම් යම් කණ්ඩායම් කුමන්ත්‍රණ කරාවි. අපේ එකම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමයි. ඒකට හැමෝගම සහය අවශ්‍යයි.

ඉකුත් මහා මැතිවරණයේදී ලක්ෂ 20ක් ඡන්ද පාවිච්චි වුණේ නැහැ.එතන තිබුනේ බහුතරය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද. මොකද ජනාධිපතිවරණ පරාජයත් සමඟ ඔවුන් මහා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ නැහැ. අපි ඔවුන් ඡන්ද පොළට ගේනවා ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අඩුම තරමින් ඒ ඡනද ලක්ෂ 10ක්වත් අපි ඡන්ද පොළට ගෙන්වා ගන්න ඕන. ඒ ඡන්ද ලබාගන්න නම් අපි ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒක ඉතාම සංවිධානාත්මක සිදුවිය යුතුයි.

මතක තියා ගන්න බඩු බෙදුවට වැඩ කරාට ඡන්දය දිනන්න බෑ. 2015 දී සිල් රෙද්ද පවා අපි දුන්නා. ඒත් මහින්ද මහත්තයා පරාදයි. මෛත්‍රීපාල සිරිසේන මහතා දින්නේ එදා තිබුණ මතවාදයත් එක්ක. යහපාලනය කියන මතවාදය එදා ගොඩනැගුවා. මේ වෙනකොට රනිල් රාජපක්ෂ කියන කෑල්ල ගැලවිලා ඉවරයි. දැන් සජිත් රාජපක්ෂ බවට පත්වෙලා තියෙනවා. ඇත්තම කතාව නඩු හබ ටික බේර ගන්න. සජිත්ව දිනව ගන්න. ඒ කටයුත්ත කරන්නයි ධම්මික පෙරේරාව ගේන්න හැදුවේ. ධම්මික පෙරේරට තේරුණා එයාව ඒ සඳහා පාවිච්චි කරනවා කියලා ඒකෙන් අයින් වුණා.

බැසිල් රාජපක්ෂ මහත්තයා අපිත් එක්ක දිගටම වැඩ කරගෙන ගියා. නමුත් එය අතරමඟදී ඉවත් වෙන්න තීරණය කළා. කළගුණ දන්න අපි මෙතන නතර වුණා. දැන් මොන ප්‍රශ්නෙ ආවත් අපිට ආපසු හැරෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය නැවත ජනාධිපතිවරයා කරලයි අපි පස්ස බලන්නේ. දිස්ත්‍රික් කාර්යාල ආසන කාර්යාල පිහිටුවීමේදී පොදු තැනක් ගන්න ඕනේ. අපේ ගෙදර තියෙන කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ අය එන්න කැමැති වෙන්නේ නෑ. මොකද පසුගිය කාලේ අපි අතර විරසකයක්නේ තිබුණේ. මේ හැදෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. අපි එකඟ වුණාට තාම ගම එහෙම වැඩ කරන්න හුරු නෑ. හුරු කර ගන්නකන් පොදු තැන් හදුනා ගන්න ඕනේ.

අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා සහභාගී වෙන ප්‍රධාන රැස්වීම් හතරක් කරන්න.

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, හිටපු පළාත් සභා නියෝජිතයන් හා පළාත් පාලන අපෙක්ෂකයන් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT