Local

පසුගිය වසරේ දිවයින පුරා ළමා අපයෝජන 9436 ක් වාර්තා වෙලා

Tuesday, 30 July 2024 - 9:38 am

පසුගිය වසරේ දිවයින පුරා ළමා අපයෝජන සිද්ධීන් 9436ක්ද ළමයින් සම්බන්ධ වෙනත් අපරාධ 1714ක්ද වාර්තාවී ඇතැයි ළමාරක්ෂක නිලධාරි ගීත් ප්‍රේමරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල ආරක්ෂණය සහ සයිබර් සුරැකුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ගාල්ලේ පැවති වැඩ සටහනකදීය.

මෙම අපයෝජනවලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ළමා අපයෝජන සංඛ්‍යාව 1124කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන 907ක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් 548ක්ද වාර්තා වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 760ක්ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 598ක්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 541ක්ද වාර්තාවී ඇත.

මෙයට අමතරව පසුගිය වසරේ බාල වයස්කාර ස්ත්‍රි දූෂණ 50ක්ද ළමා ගැබ් ගැනිම් 53ක්ද ගබ්සා කිරීම් තුනක්ද වාර්තාවී ඇත. එයට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු ළමයින් 125ක් වාර්තාවී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමා මෙහෙකාර සේවය, ළමා විවාහ, පාසල් නොයැවීම, සයිබර් අපරාධ ඇතුලු ළමයින් සම්බන්ධව පසුගිය වසරේ වාර්තාවී ඇති අපරාධ සංඛ්‍යාව 1714කි.

මෙහිදී ඒ මහතා පෙන්වා දුන්නේ අන්තර් ජාලය හරහා විවිධ ඉල්ලීම් කරමින් කරනු ලබන බලපෑම්ද වැඩිවී ඇති බවය. ඒ අතර නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහරින බව පවසා කාන්තාවන්ගෙන් මුදල් ඉල්ලීම,දෙදෙනා ලිංගිකව හැසිරුණ විඩියෝ දර්ශන මිතුරන්ට පෙන්වන බව පවසා විවිධ බලපෑම් කිරීම, පොලිසියට නොයන ලෙස බලපෑම් කිරීම ආදිය වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ නිසා දෙමව්පියන් විශේෂයෙන්ම තරුණ දරුවන්, පාසල් සිසුන් පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතුව ඇතැයිද දරුවන්ගේ ජංගම දුරකතන භාවිතය පිළිබඳව සැළකිලිමත් වියයුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අහංගම – සුගතපාල දීයගහගේ


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT