Local

රටක් හැටියට මේ තත්ත්වයෙන් ති‍බෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිසා - සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්

Thursday, 28 December 2023 - 4:57 pm

රටක් හැටියට මේ තත්ත්වයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්ත නිසා බවත්, මේ මොහොතේ රට යම් ස්ථාවරයකට පත් වී ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙනවා.
අද (28) දින පැවති සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව මගින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දෙනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස දැක්වූ සමන් රත්නප්‍රිය මහතා.
අද වන විට රටක් විදියට අපි ඉස්සරට යනවා. පසුගියදා අපේ රටේ නත්තල හොඳින් සැමරුවා. දැන් අලුත් අවුරුද්දට මිනිස්සු ලෑස්ති වෙනවා. ඒ තත්ත්වය රටේ සමරන්න පුළුවන් වුනේ රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්ත නිසා..
අපේ රටේ ආර්ථිකය දැන් හුස්ම ගනිමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා  රට භාර ගන්න කොට ආර්ථිකය ඍණ  වෙලා තිබුණේ. නමුත්, අද ආර්ථික කළමනාකරණය පැහැදිලිව සිද්ධ වෙනවා. බඩු මිල වැඩියි කියලා විපක්ෂය ඇගිල්ල දික් කරනවා. ජනතාවට යම් යම් අපහසුකම් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. මේකට හේතුව වෙලා තියෙන්නේ රටේ ජනතාවට ආර්ථික අර්බුදයක් ආවාම සමහර ව්‍යාපාරිකෝ මේක වවාගෙන කෑවා. එයාලා රට ගැන හිතන්නෙ නෑ. තමන් ගැන පමනයි හිතන්නේ.  ඒ නිසා තමයි බිත්තර මිල ඉහළ ගියේ. කුකුල් මස් මිල ඉහල ගියේ.
අපේ රටේ හදන නිෂ්පාදන යම් පාලන මිලක් තිබිය යුතුයි. අස්වැන්නේ හංගලා මිල වැඩි කරන්න හදනවා නම් ඒක සාධාරණ නෑ. දැන් අපිට අපිට බෙහෙත් ගේන එක, ගෑස් ගේන එක, තෙල් ගේන එක ගැන බයක් නෑ.
ලෝකය  පුරා දැන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ල තියෙනව. ඉන්දියාවෙන් රෝගීන් හමුවෙලා තියෙනවා. අපේ රටේ කොවිඩ් සම්බන්ධයෙන්  සිදුකරන පරීක්ෂණ දෙගුණ කරලා තිබෙනවා. ‍මේ සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේගැන සෙවිල්ලෙන් ඉන්නේ. බස්නාහිර පලාතේ ඩෙංගු රෝගීන් වැඩිවෙලා. රෝග මර්ධනය කිරීමේදී  ජනතාවට මේ ගැන වගකීම් තියෙනවා.
වත්මන් ජනාධිපතිවරයා මේ රට 2048 වනවිට ආර්ථිකය හදනවා කිව්වහම මෝඩ මිනිස්සු හිනාවෙනවා.නමුත් බලන්න‘පීඑම් ගටි ශක්ති‘ ව්‍යාපෘතිය මඟින් වසර 2047දී සංවර්ධිත ආර්ථිකයක් කරා යෑමට ඉන්දියාව සැලසුම් කරලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා රනිල් වික්‍රමසිංහ අදහස් පළ කරන්නේ දැක්මක් ඇතිව. එතුමා ලෝකය සමග ගණුදෙණු කරන නායකයෙක්.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ නායකයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT