Local

ඇයි ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕනෙ? කුප්පි ලාම්පුවෙන් කරන්න පුළුවන් - විදුලිබල මාධ්‍ය ප්‍රකාශක

Thursday, 22 February 2024 - 8:57 am

විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවත්, එලෙස විදුලිබිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසනවා.

ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවද, දැන් සිටින වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ඉංජිනේරුවන්ටද විදුලිය නොතිබූ බවද, තමන්ට ඇති දෙයින් ඉගෙන ගෙන තැනකට පැමිණීමට තමා දැනගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ පවතින විදුලිබිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති බවට ඔබට සිතෙන්නේ නැතිද යන්නයි. එයට පිළිතුරු ලබාදුන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එය තාත්තාගේ වැරැද්දක් බවත් තාත්තා මහන්සි වී මුදල් සෙවීමට දැනගත යුතු බවයි.

එවිට වතුවල වැඩකරන පුද්ගලයෙකුට ලැබෙන්නේ රුපියල් 1000 ක පඩියක් බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ලැබෙන පඩිය ඔවුන්ට නොලැබෙන බවත් මාධ්‍යවේදියා පවසා සිටි අතර, විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා එයට පිළිතුරු දෙමින් සඳහන් කළේ, වත්ත සුද්ද කරන ⁣අය රු.2500 ක් අය කරන බවත්, දිනපතා සවස 2 වනවිට මත්පැන් පානය කර ඔවුන් මොන තරම් ජොලියෙන් ජීවත් වෙන්නේද යන්න තමාට එහි ගොස් පෙන්විය හැකි බවත්, ඔවුන්ගේ පවුල් ගෙනියන්නේ නිවසේ සිටින බිරින්දෑවරු බවයි.

මාධ්‍යවේදියා යළිත් පැනයක් යොමු කරමින් රු.1000 ට වඩා අඩුවෙන් වැටුප් ලබන පිරිස් රටේ සිටින බව විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ඔහු සඳහන් කළේ, එය මිනිසුන්ගේ වැරැද්දක් බවත් සිංගප්පූරුවේ මිනිසුන් වැඩ දෙකක් දවසකට සිදුකරමින් මහන්සි වී වැඩ කරන බවත්, ඔවුන්ට ඕපාදූප සෙවීමට වෙලාවක් නොමැති බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT