Local

අප අනුමත කර තිබුනේ… හමුදා සාමාජිකයන්ගේ වැටුප වැඩි කරන්න..

Friday, 01 November 2024 - 6:19 pm

අපේ රජය විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මාසික වේතනයට එක්කිරීමට තීරණය කර තිබුණු බව හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

ආහාර සලාක මුදල ඔවුන්ගේ වැටුපට එක්කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නිරන්තරයෙන් ඉල්ලීම් කර තිබුණි.

එබැවින් වත්මන් රජය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා සිවිල් ආරක්ෂක බලකායට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඉල්ලා සිටී.

තවද ත්‍රිවිධ හමුදා සාමජිකයන්ට සහ සිවිල් ආරක්ෂක බලාකායේ සාමජිකයන්ට වත්මන් වැටුප් ක්‍රමය සංශෝධනය කරමින් ඔවුන්ගේ වැටුප ජීවනාලිය ශක්තිමත් කර ගැනීමට හැකි අයුරින් වත්මන් ආර්ථිකය අනුව වැඩි කිරීමටද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එවකට තීරණය කර තිබුණි.

ඒ අනුව යමින් වත්මන් රජයද, ජාතියට මහඟු සේවයක් ඉටුකල ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප ඔවුන්ට ජීවත්වීමට සරිලන ලෙස වැඩිකර දෙන ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී.

තමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් ප්‍රමිත බණ්ඩාර මහතා කියා සිටියේය.

ඒ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටීයේ ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT