ධුර කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව ජනතාව බලය ලබාදී ඇත්තේ වසර 5ක කාල සීමාවක් සඳහා පමණක් බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
ලබන වසරේ අගෝස්තු මාසයෙන් පාර්ලිමේන්තුවේ වසර 5ක ධුර කාලය අවසන් වන බවත්, ඉන් පසුව එක දිනක් හෝ එම බලය යටතේ පාර්ලිමේන්තුවේ නොසිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.