Local

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්

Monday, 11 March 2024 - 2:47 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම රට යළි 2022 වසරේ පැවැති මට්ටමටත් වඩා ගැඹුරු අගාධයකට වැටීමක් බවයි.

මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සඳහා අස්වැසුම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට (09) සවස එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙත ශ්‍රී ලංකාව යොමුවිය යුතුව තිබුණේ මීට දශක දෙක හමාරකට පමණ පෙර බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ එම වකවානුවේ දී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙත ගමන් කළ රටවල් අද සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බවයි.

මේ අතර ව්‍යාජ තොරතුරු ලබාදී අස්වැසූම සුබ සාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් අතරට ඇතුළත් වූ 7,000කට අධික පවුල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිහ මහතා පැවැසීය. ලබා ගත් මුදල් නැවත අයකර ගැනීම සහ ව්‍යාජ තොරතුරු ලබා දීමට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිවැරැදි තොරතුරු ලබා දීමේ වගකීම ප්‍රතිලාභියා සතු වන අතර අදාළ නිලධාරින් සිදු කරන්නේ එම තොරතුරු තහවුරු කිරීම පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා විමර්ශනය කිරීමේ දී හඳුනාගත් මෙම පවුල් දැනටමත් ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. ලක්ෂ 12ක් පමණ වන අභියාචනා සහ විරෝධතා සලකා බැලීම අවසන් අදියරේ පවතින අතර දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම ද සිදු වෙමින් පවතී. 200,000 අධික අයදුම්පත් ප්‍රමාණයක් මේ වන විටත් ලැබී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කළේ අයදුම්පත් භාර ගැනීම මෙම මස 15 දා අවසන් වන බවයි.

අස්වැසුම වැඩසටහනට ඇතුළත් විය හැක්කේ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කිරීමෙන් පමණක් බව අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැතිව ප්‍රදේශයේ දේශපාලඥයා හමුවී අස්වැසුමට ඇතුළත් වීමට උත්සහ දැරීම ඵල රහිත බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මෙම අවස්තාවට මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මිය, මුලස්ථාන කලමණාකරු රාහුල හේරත් මහතා මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය හා රැඹෑව ආවරණය වන පරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරින් රැසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT