Local

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයේ පැවැත්වීමට ආණ්ඩුව සාකච්ඡා කරනවා - ගම්මන්පිල

Thursday, 04 April 2024 - 7:30 am

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයකදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට නීතියෙන් කිසිඳු බාධාවක් නොමැති බවයි (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීම හරහා ජනාධිපතිවරණයට ගැටලුවක් නොවුනද පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට සරල බහුතරයක් අවශ්‍ය බවත්, කිසිඳු පක්ෂකයකට මැතිවරණයේදී 50% ලබා ගැනීමට නොහැකි බව කවුරුත් දන්නා තිත්ත ඇත්තක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන්නේ වසර දෙකහාමාරකින් පසුව බවත්, ජනාධිපතිවරයාට වැඩක් කිරීමට නොහැකිව රට අස්ථාවර වන බවත්, එම වසර දෙක පුරාවට ඔලුගෙඩි මාරු කිරීම් හා පිල් මාරු කිරීම් හරහා රට අස්ථාවරවීම හැරෙන්න රටට සුබදායි දෙයක් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට උත්සාහ කරන්නේ රටට අවාසි වුවත් තමන්ට වාසි නිසා බවත්, රටට වාසිදායක වන ලෙස ජනාධිපතිවරණය මුලින් පවත්වා එහි ප්‍රතිඵල පැමිණි පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT