Local

දීඝවාපියට ගිය ඓතිහාසික ගල් පාර මතු වෙයි

Monday, 12 February 2024 - 8:38 am

අම්පාර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවී තිබේ.

දැනට වසර ගණනාවක සිට මෙම ස්ථානය ඔලුවිල් ඇතුළු ප්‍රදේශවලට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ. පසුගිය දා ඇතිවූ දැවන්ත වර්ෂාව සමඟ ගල්ඔය ගඟ පිටාර ගැලීමත් සමඟම මෙම ස්ථානය මුලිමනින්ම කඩා ගෙන ගිය අතර ඉන් පසුව මෙම ඓතිහාසික ගල් හමුවී තිබෙන බව මාණික්කමඩු විහාරාධිපති පූජ්‍ය අඹගස්පිටියේ සීලරතන හිමියෝ පැවැසූහ. ඊයේ(11) සවස අඹගස්පිටියේ සීලරතන හිමියන් මාධ්‍යවේදින් සමඟ ගොස් මෙම ස්ථානය පරීක්ෂා කරනු ලැබිය. එහිදී ඉතා ක්‍රමවත්ව සකස් කරන ලද පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල් මෙම ස්ථානයේදී දැකගැනීමට හැකිවිය. මෙම ස්ථානයේ සිට ඓතිහාසික දීඝවාපි රජමහා විහාරයට කිලෝමීටරයක් පමන දුරක් ඇති අතර මීට වසර 15කට පමන පෙර දීඝවාපියේ ඩෝසර් කරන ලද දාගැබට ඇත්තේ මීටර් 500ක් පමණ දුරකි.

අඹගස්පිටියේ සීලරතන හිමියන් මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට දැනුම් දී තිබේ. මෙම ස්ථානය පිළිබඳ කැණීමක් නොකර නිශ්චිත අදහසක් ගැනීමට නොහැකි බව පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ නිලධාරීන් පැවසු බව සීගරතන හිමියෝ පැවැසූහ. පසුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ස්ථානය පස් දමා පාර නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර ඇති අතර පසුව පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විසින් එය තාවකාලිකව නවතා දැමූ බව ද සීලරතන හිමියෝ පැවැසූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT