Local

අල්ලස් කොමිසමේ චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Saturday, 17 May 2025 - 11:06 am

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින් එවන ලද ලිපි ජනාධිපතිවරයා සමග බෙදා ගැනීමට අල්ලස් කොමිසමේ ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි තමාගෙන් විමසූ බවත්, තමා නීතිඥයෙකු ලෙස එහිදී උපදෙස් ලබා දී ඇති බැවින්, ඒ ගැන කිසිදු හෙළිදරව්වක් කිරීමට හැකියාවක් නොමැති යැයි කොමිසමට ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙනවා.

එසේම, චක්‍රලේඛය යනු නීතියේ නැවත ප්‍රකාශයක් පමණක් බවත්, චක්‍රලේඛය නීතිය නොවන බවත්, නීතියට අනුව නිසි ක්‍රියාමාර්ගය වන්නේ ස්ථාවර තැන්පතුව ඉවත් කර පළාත් අයවැයෙන් අවසර දී ඇති එවැනි අරමුණු සඳහා අයදුම් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමා සම්බන්ධයෙන් කරන ලද ඉදිරිපත් කිරීම් අධිකරණය හිතාමතාම නොමඟ යැවීමක් බවද, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමන් සිය නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගන්නා බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT