Local

කාන්තා ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

Wednesday, 18 September 2024 - 11:38 am

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති කාන්තා සමුළුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

'මේ වැඩපිළිවලේ කේන්ද්‍රීය සංකල්පය වන ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පයම මූලික හරට ශ්‍රී ලංකාවේ කාන්තාව ව්‍යවසායකත්වයෙන් බලගැන්වීම ඒ සඳහා ඔබට අවශ්‍ය ප්‍රාග්ධනය රජය ලබාදෙන ආකාරය, ඔබට අවශ්‍ය ඒ හයිය ලබාදෙන ආකාරය එපමණක් නොව, ඔබ යම් හෙයකින් ව්‍යවසායකත්වයක් පටන් ගෙන එය වැටෙන්නට ගියොත් ඒක අල්ලගන්නට ආණ්ඩුව උදව් කරන ක්‍රමය අපි සඳහන් කරලා තියෙනවා. අපිට ඕන වුණේ මේ ලංකාවේ කාන්තාව, මේ සුවිශේෂ කාන්තාවට මෙන්න මේ අවස්ථාව දෙන්නට. ඊට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අද අමාරුවේ වැටිලා ඉන්න ශ්‍රී ලාංකික කාන්තාව ගොඩගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය මත පැටවුණ ඒ අසාධාරණ ණය පොලිය සම්පූර්ණයෙන්ම කපාදමා ඔබ එයින් නිදහස් කරන්නට අපි යෝජනා කරලා තියෙනවා. ඒ යෝජිත වැඩපිළිවෙළ කොහොමද කරන්නේ කියලත් තියෙනවා.'

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සමගි ජන බලවේගය දරණ උත්සහාය පරාජය කිරීමට පියවර ගන්නා බව යටින්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT