Local

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙනවා

Tuesday, 09 April 2024 - 10:27 pm

  • ආබාධිත රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරු පැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි.

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට (09) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමිනි.

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.
අද උදෑසන ආරක්ෂක හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.

යතුරු පැදි ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු වෙත යතුරු පැදි ප්‍රදානය කිරීමට එක් විය.

මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ වීරෝධාර රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරන බවයි.

ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කළේය.

යතුරු පැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT