Local

ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙයි

Tuesday, 09 July 2024 - 8:50 pm

පැවති ආර්ථික පීඩනය හමුවේ දස දහස් ගණනක මහජනතාව කොළඹට රැස්ව පොලිස් බාධක බිඳ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඇරඹූ ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙනවා.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකීය මහජනතාව දිගු ඉන්ධන පෝලිම්, ගෑස් පොලිම්, විදුලි කප්පාදු ඇතිවීමත් සමඟ දැඩි පීඩාවකට පත් වූ අතර එතැන් සිට රට පුරා එවක පැවති ආණ්ඩුවට එරෙහිව විරෝධතා ආරම්භ වුණා.

පසුව 2022 අප්‍රේල් මස 9 වන දා “Gota Go Home” යන සටන්පාඨය සහිතව කොළඹ ගාලු මුව‍දොර කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ වූ අතර එය ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්ත වෙමින් දහස් ග​ණනක් ජනතාව එයට සහයෝගය පළ කිරීමට කොළඹට පැමිණියා.

මේ අතර 2022 මැයි 9 වනදා ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි අරගලයේ නිරත ජනතාවට ආණ්ඩුවේ පාක්ෂිකයින් පිරිසක් පහ​රදීමත් සමඟම රට පුරා උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පැවති විරෝධතා තවදුරටත් උත්සන්න වෙමින් දේශපාලන වශයෙන් වෙනස්කම් රැසක් සිදු වුණා.

ඉන්පසුව “මුළු රටම කොළඹට” නමින් 2022 ජූලි 9 වන දා උදෑසන දස දහස් ගණනක් ජනතාව කොළඹට රැස්වී විරෝධතා ආරම්භ කළ අතර, ජනාධිපතිවරයාගේ නිල නිවසට යන පා ගමනක්ද ආරම්භ කරමින් බලකර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

පසුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා රටින් පලාගිය අතර ජූලි 15 වනදා කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිවේදනය කළා.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් එවක අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් කරගැණුනා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT